NURA ආයතනික සෞඛ්‍යය පරීක්ෂණ සේවාව
නිරෝගී සේවක පිරිසක් යනු ආයතනයක විශාලතම ශක්තියයි. ඔබේ සේවක මණ්ඩලයේ කාර්යක්ෂමතාව සහ සෞඛ්‍යය සම්පන්නබව තහවුරු කරමින් ආයතනික සාර්ථකත්වය ළඟා කරදීමට NURA අපි කැපවී සිටින්නෙමු.
අපගේ විශේෂිත ආයතනික සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ, සේවකයන්ට මෙන්ම ආයතනයට ද එකසේ ප්රතිලාභ අත්කර දෙයි. මෙය ඔබේ වත්මන් සේවක සුබසාධන ප්රතිලාභ අතරට පහසුවෙන්ම එකතු කිරීමට හෝ වෙනම සෞඛ්‍යය සුබසාධන වැඩසටහනක් ලෙස ලබාදීමට පහසුකම් සලසා ඇත.
Fujifilm තාක්ෂණයෙන් බලගැන්වූ අපගේ අතිනවීන පරීක්ෂණ මඟින්, කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමටත් පෙර පිළිකා තත්ත්වයන් සහ ජීවන රටා ආශ්රිත රෝග හඳුනාගැනීමට ඔබේ සේවකයන්ට අවස්ථාව ලැබේ. සරලවම කිවහොත් "රෝගී වී ප්‍රතිකාර කිරීමට වඩා රෝග වළක්වා ගැනීම නුවණට හුරුය!"
මෙලෙස මුල් අවස්ථාවේදීම රෝග හඳුනාගැනීම මඟින් තමන්ගේ ජීවන රටාව යහපත් අතට වෙනස් කරගැනීමටත්, රෝග වළක්වාගැනීමටත්, අවශ්‍ය නම් අවම පිරිවැයකින් සාර්ථක ප්‍රතිකාර සඳහා යොමු වීමටත් සේවකයන්ට හැකියාව ලැබෙයි.
- විනාඩි 120
- විශිෂ්ට අත්දැකීමක්
- වාර්තා ලබාදීම සහ වෛද්‍ය උපදෙස්
- අතිනවීන තාක්ෂණය
ජීවන රටා ආශ්රිත රෝග වළක්වාගත හැකිය.
හවුල්කාර ආයතන
පරීක්ෂාවට ලක්වූ සේවකයන් ප්‍රමාණය
පරීක්ෂා කරනු ලබන ශරීර ඉන්ද්රියයන්
ව්‍යාපාරයක් ලෙස ඔබට ලැබෙන වාසි මොනවාද?
සේවක මණ්ඩලය යනු ආයතනයක සාර්ථකත්වයේ මූලික ශක්තියයි. AI සෞඛ්‍යය පරීක්ෂණ මඟින් සෞඛ්‍යය අවදානම් කල්තියා හඳුනාගැනීමට අවස්ථාව ලැබෙන බැවින්, රෝගාබාධ නිසා සිදුවන සේවයට වාර්තා නොකිරීම් අවම කර ආයතනික ඵලදායිතාව ඉහළ නංවාගත හැකිය. මෙවැනි සුබසාධන වැඩසටහනක් හරහා සේවකයන් කෙරෙහි ආයතනය දක්වන ලෙන්ගතුකම සහ සැලකිල්ල පැහැදිලි වන අතර, එය සේවක තෘප්තිමත්භාවය වැඩි දියුණු කිරීමට ද හේතුවේ. මේ හේතුවෙන්ම, ලොව පුරා ජාත්‍යන්තර ආයතන රැසක් තම සේවකයන් මෙම ගෝලීය සෞඛ්‍යය සේවාව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඔබේ සේවකයන්ට ලැබෙන වාසි මොනවාද?
නිත්‍ය AI සෞඛ්‍යය පරීක්ෂණයක් මඟින් සේවකයන්ට තමන්ගේ වත්මන් සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ පැහැදිලි සහ නිවැරදිම තොරතුරු හිමි වේ. එම දැනුවත්භාවය මඟින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරු වීමටත්, අවශ්‍ය වේලාවට නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමටත්, පෞද්ගලික මෙන්ම වෘත්තීයමය වශයෙන් තමන්ගේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමටත් ඔවුන් තුළ උනන්දුවක් ඇති කරයි.
ඔබේ ආයතනයේ සෞඛ්‍යය සුබසාධන වැඩසටහන අදම අරඹන්න
පහත තොරතුරු සම්පූර්ණ කරන්න. අපගේ ආයතනික සුබසාධන කණ්ඩායම (Corporate Wellness Team) වැඩකරන එක් දිනයක් ඇතුළත ඔබේ ආයතනයට ගැළපෙන විශේෂිත යෝජනාවලියක් සමඟින් ඔබව සම්බන්ධ කරගනු ඇත.
NURA සමඟින් ඔබේ ආයතනයේ සෞඛ්‍යය සුබසාධන වැඩසටහන ආරම්භ කිරීමට මෙම පෝරමය පුරවන්න.
ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.
ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.
- NURA පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණය යනු කුමක්ද?
NURA යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණයෙන් බලගැන්වූ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි., එය FUJIFILM DKH විසින් Fujifilm සහ Dr. Kutty's Healthcare සමඟ එක්ව පවත්වාගෙන යනු ලබයි. 2020 වසරේ ආරම්භ කරන ලද NURA මඟින් ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ බෝ නොවන රෝග සහ පොදු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ සේවා සපයයි. මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ වන අතර, වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය සහ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාවක් ද ලබාදේ.
- NURA සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා කොපමණ කාලයක් ගතවේද?
NURA හි පිරිමි සහ කාන්තා සවිස්තරාත්මක පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය. මෙයට AI තාක්ෂණයෙන් සහාය ලබන රූපගත කිරීම්, සවිස්තරාත්මක රසායනාගාර පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය ඇතුළත් වේ. ඔබ මධ්‍යස්ථානයෙන් පිටවීමට පෙර ඔබේ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාව ද ලබාගත හැකිය.
- NURA මඟින් පරීක්ෂා කරනු ලබන පිළිකා වර්ග මොනවාද?
NURA මඟින් ජීවන රටාවට සම්බන්ධ ප්‍රධාන බෝ නොවන රෝග (NCDs) සඳහා පරීක්ෂණ සිදුකරන අතර, මුඛ, පෙනහළු, පියයුරු, වකුගඩු, අක්මා, අග්න්‍යාශ, පුරස්ථි ග්‍රන්ථි, ඩිම්බකෝෂ, ගැබ්ගෙල සහ මහා බඩවැල ආශ්රිත පිළිකා ඇතුළු පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ ද සිදුකරයි. පරීක්ෂණ ද සිදුකරයි. තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව පිළිකා පරීක්ෂණ ඇතුළත් වීම වෙනස් වේ. කාන්තා සහ පිරිමි සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ පැකේජවලට අදාළ ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශේෂිත පිළිකා පරීක්ෂණ ඇතුළත් වේ.
- NURA සෞඛ්‍ය පරීක්ෂණ නිර්දේශ කරනු ලබන්නේ කා සඳහාද?
ක්‍රියාශීලීව තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වෙමින්, රෝග වැළැක්වීමේ සහ කල්තියා හඳුනාගැනීමේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා NURA පරීක්ෂණ සැලසුම් කර ඇත. ඔබට දැනටමත් රෝග ලක්ෂණ පවතී නම් හෝ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.
- සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂණයකට වඩා NURA වෙනස් වන්නේ කෙසේද?
NURA මඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාදේ. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වැඩිදියුණු කළ අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT රූපගත කිරීම්, ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා වන පරීක්ෂණ, පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශන සේවා NURA ඒකාබද්ධ කරයි. මෙම සියලු පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.NURA පරීක්ෂණ විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු රෝග විනිශ්චය කිරීමට නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාය. වැඩිදුර අවධානය අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, මඟින් රෝග සඳහා ප්‍රතිකාර හෝ ඖෂධ නියම කිරීම සිදු නොකෙරේ
- NURA යනු රෝහලක්ද?
නැත. NURA යනු රෝහලක්, සායනයක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාම වෙන්වූ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි.තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කල්තියා අවබෝධයක් ලබාගැනීමට කැමති පුද්ගලයන් සඳහා NURA විශේෂිත පරීක්ෂණ සේවා සපයයි. අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, වෙත යොමුවීම සඳහා NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු ඇත.
- NURA සෞඛ්‍ය පරීක්ෂණයක මිල කොපමණද?
ඔබ තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව මිල ගණන් වෙනස් වේ.ඔබ කැමති පැකේජයට අදාළ වර්තමාන මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර NURA ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් NURA කණ්ඩායම අමතන්න..