Nura Logo

ජපන් තාක්ෂණයෙන් රෝග වළක්වන පූර්ව සෞඛ්‍යය රැකවරණය

නවීන වෛද්‍ය තාක්ෂණය සහ විශේෂඥ අත්දැකීම් එකට එකතු කරමින්, රෝග වළක්වා ගැනීමේ සෞඛ්‍යය සේවාවට NURA නව අර්ථකථනයක් ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම AI (කෘත්‍රිම බුද්ධිය) බලගැන්වූ සෞඛ්‍යය පරීක්ෂණ මධ්‍යස්ථානය වන NURA, ජපන් තාක්ෂණයේ විශිෂ්ටත්වය හරහා විනාඩි 120ක් වැනි කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ සෞඛ්‍යය පරීක්ෂණ අත්දැකීමක් ඔබට ලබා දෙයි.

ලොව ප්‍රමුඛතම වෛද්‍ය තාක්ෂණ ආයතනයක් වන Fujifilm සහ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ දීර්ඝ විශ්වාසයක් දිනූ Dr. Kutty’s Healthcare හි එකමුතුවෙන් NURA ආරම්භ විය.

කල්තියා රෝග හඳුනා ගැනීම සහ නිවාරණ සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීමේ පොදු දැක්මකින් එක්වූ මෙම හවුල්කාරිත්වය, ජපානය සතු දශක ගණනාවක සෞඛ්‍ය පරීක්ෂණ පිළිබඳ විශේෂඥ දැනුම සහ තාක්ෂණික නවෝත්පාදනයන්, රෝගියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවා ප්‍රවේශයක් සමඟින් ඒකාබද්ධ කරයි.

රෝගයක් වැළඳීමට පෙරම එය හඳුනාගෙන නිරෝගීව සිටීමට ඔබට සහාය වීම අපගේ ප්‍රධාන අරමුණයි. ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණය, වෛද්‍ය නිරවද්‍යතාවය සහ ජපන් ජාතිකයන්ගේ සුහදශීලී සේවාව සමඟින් ජනතාවට වඩාත් නිරෝගීව දීර්ඝ ආයුෂ විඳීමට අපි මඟ පාදන්නෙමු.

අපගේ මෙහෙවර

රෝග මුල් අවධියේදීම හඳුනාගැනීම සඳහා නවීන AI තාක්ෂණය සහ උසස් පරීක්ෂණ ක්‍රමවේද යොදාගනිමින්, රෝග නිවාරණ සෞඛ්‍යය සේවයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම සහ ජනතාවට වඩාත් නිරෝගී, දීර්ඝ ආයුෂ කාලයක් උරුම කර දීම.

"රෝගයක් මුල් අවධියේදීම හඳුනාගැනීම යනු සත්කාරයක ඉහළම ස්වරූපයයි. සැමටම එය පහසුවෙන් ලබාගත හැකි වන පරිදි අපි NURA නිර්මාණය කළෙමු."

NURA නිර්මාතෘවරුන්

අපගේ දැක්ම

උසස් තත්ත්වයේ මූලික රෝග හඳුනාගැනීමේ පහසුකම් සැමට පහසු, කාර්යක්ෂම සහ රෝගියා කේන්ද්‍ර කරගත් සේවාවක් බවට පත් කරමින්, AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍යය පරීක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය නායකයා බවට පත්වීම.

නිවැරදිබව

මිලිමීටරයටත් වඩා කුඩා සියුම් වෙනස්කම් පවා නිවැරදිව හඳුනාගන්නා අතිනවීන AI තාක්ෂණය.

කාර්යක්ෂමතාව

විනාඩි 120ක් වැනි කෙටි කාලයක් තුළ ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන් 15කට වැඩි ප්‍රමාණයක සම්පූර්ණ පරීක්ෂාවක්.

පහසු ප්‍රවේශය

ජාත්‍යන්තරව පිළිගත් රෝග නිවාරණ සෞඛ්‍යය සේවාවන් ශ්‍රී ලාංකිකයන් වෙත පහසුවෙන් සමීප කිරීම.

විශ්වාසනීයත්වය

ලෝක ප්‍රකට Fujifilm ජපන් තාක්ෂණයේ විශ්වාසනීය බලගැන්වීම.

අපගේ ගමන

සෑම පියවරක්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සමීප මඟපෙන්වීම යටතේ සිදුවේ. අනවශ්‍ය ප්‍රමාදයන් හෝ අපැහැදිලි බවකින් තොරව, නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් පමණි.

Timeline
01

2020

The Idea

Making preventive health screening accessible.

02

2021

ජපන් හවුල්කාරිත්වය

Partnered with Fujifilm for AI-powered diagnostics.

03

2022

First Center Opens

Launched India's first AI health screening center.

04

2023

National Expansion

Expanded across multiple cities in India.

05

2024

Corporate & Beyond

Brought proactive health screening to workplaces.

2018

පදනම

උසස් මට්ටමේ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ ගෝලීය ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කිරීමේ මූලික දැක්ම සංවර්ධනය කරන ලදී.

2019

ජපන් හවුල්කාරිත්වය

FUJIFILM හි අති නවීන රූපකරණ තාක්ෂණය (Imaging Technology) සහ DKH Healthcare සතු පුළුල් වෛද්‍ය විශේෂඥ දැනුම ඒකාබද්ධ කරමින් උපායමාර්ගික හවුල් ව්‍යාපාරයක් (Strategic Joint Venture) ස්ථාපිත කරන ලදී.

2021–2022

පළමු මධ්‍යස්ථානය විවෘත කිරීම සහ ඉන්දියාව පුරා ව්‍යාප්ත කිරීම

AI තාක්ෂණය මත පදනම් වූ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය සේවාව හඳුන්වා දෙමින් ඉන්දියාවේ පළමු NURA මධ්‍යස්ථානය විවෘත කරන ලදී. අනතුරුව, රට පුරා ප්‍රධාන නාගරික ප්‍රදේශ වෙත සිය සේවාවන් ව්‍යාප්ත කරන ලදී.

2024

ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීම

NURA හි නව්‍ය සෞඛ්‍ය පරීක්ෂණ ප්‍රවේශය (Innovative Screening Paradigm) ලොව ප්‍රධාන ජාත්‍යන්තර වෙළඳපොළ වෙත හඳුන්වා දෙමින් උපායමාර්ගික ජාත්‍යන්තර ව්‍යාප්ති වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

2027

ශ්‍රී ලංකාවේ පළමු NURA මධ්‍යස්ථානය

කොළඹ පිහිටි අපගේ පළමු NURA මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ, AI තාක්ෂණය මත පදනම් වූ NURA හි පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එමඟින් ප්‍රජාවට රෝග කල්තියා හඳුනා ගැනීමේ සෞඛ්‍ය සේවාවන් වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසේ.

NURA වෙනස් වන්නේ ඇයි?

වේගවත් හා ස්මාර්ට් සෞඛ්‍යය අත්දැකීමක් සඳහා අතිනවීන ජපන් තාක්ෂණය සහ සුහදශීලී සේවාව එකට එක්තැන් කර ඇත.

AI තාක්ෂණය සහ ජපන් තාක්ෂණයේ විශිෂ්ට සංකලනය

නිරාහාරව සිටීම හෝ වෛද්‍ය නිර්දේශ ලබාගැනීම අනවශ්‍ය වීම

විනාඩි 120ක් වැනි කෙටි කාලයකින් නිමවන පූර්ණ සෞඛ්‍යය පරීක්ෂාව

ප්‍රධාන ශරීර ඉන්ද්‍රියයන් 15කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක්කිරීම

පරීක්ෂාවෙන් පසු එසැණින් ලැබෙන විශේෂඥ වෛද්‍ය උපදෙස්

අපගේ තාක්ෂණය

ජපාන AI තාක්ෂණයේ නිරවද්‍යතාවය, ගෝලීය වශයෙන් සහතික කළ විශිෂ්ටත්වය.

Fujifilm AI රූපණ තාක්ෂණය

Multi-slice CT සහ AI තාක්ෂණය එක්වීමෙන්, ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියයන් 15ක සිදුවන මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ හෝ වෙනස්කම්, ජපානයේ ප්‍රමුඛතම රෝහලක මට්ටමින් අතිශය නිවැරදිව හඳුනාගනියි.

ඉතා අඩු විකිරණ මට්ටම

සාමාන්‍ය CT ස්කෑන් යන්ත්‍රවලට වඩා 97%කින් අඩු විකිරණ ප්‍රමාණයක් භාවිත වන බැවින්, වසරකට වරක් ශරීරය පරීක්ෂා කරගැනීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත අතර රෝග නිවාරණ පරීක්ෂණ සඳහා ඉතා සුදුසු වේ.

එසැණින් වාර්තා හා වෛද්‍ය උපදෙස්

මඟින් සකසන වාර්තා අපගේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර විනාඩි 120ක් ඇතුළත ඔබට පහසුවෙන් වටහාගත හැකි සරල බසින් ලබා දෙන අතර, එසැණින් විශේෂඥ වෛද්‍ය සාකච්ඡාව ද හිමි වේ.

අපගේ කතාව නරඹන්න

ජපානයේ තාක්ෂණික නිරවද්‍යතාවය සහ මානුෂීය සත්කාරය එක්වන NURA හි ගමන්මඟ පිළිබඳව දැනගන්න.

ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම කිසිදා නතර නොකරන්න.

NURA සමඟින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් වෙමු.

අපගේ හවුල්කරුවන්

Fujifilm Healthcare

1936 දී X-ray ෆිල්ම් නිෂ්පාදනයෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රයට පිවිසි Fujifilm, එතැන් සිට අතිනවීන තාක්ෂණයන් ඔස්සේ ලොව පුරා මිනිස් ජීවිත සුවපත් කිරීම සඳහා නිරන්තරයෙන් කැපවී සිටියි.

අපගේ සමස්ත ආයතනය සතු සියලුම දක්ෂතා සහ තාක්ෂණික හැකියාවන් නවීන සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් යොදා ගැනීමට අප දක්වන කැපවීම සහ අධිෂ්ඨානය, අඛණ්ඩ නවෝත්පාදනයන් තුළින් ජීවිතවලට යහපත් වෙනසක් එක් කරයි.

සංස්කෘතිය, විද්‍යාව, තාක්ෂණය සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ප්‍රගතියට මෙන්ම සමාජයේ සෞඛ්‍ය තත්ත්වය සහ පාරිසරික ආරක්ෂාව වැඩිදියුණු කිරීමට දායක වන උසස්ම තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවන් සැපයීම සඳහා අපි අති නවීන, අපටම ආවේණික වූ තාක්ෂණයන් භාවිත කරමු. ලොව පුරා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අපගේ පුළුල් දැක්ම සහ ප්‍රධාන අරමුණයි.

Dr. Kutty’s Healthcare

1985 වසරේදී ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී Dr. V.K. Kutty විසින් ආරම්භ කරන ලද Dr. Kutty’s Healthcare ආයතනය ගොඩනැගුණේ සරල නමුත් ප්‍රබල දැක්මක් මතය. එනම්, මිනිසුන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින්, කරුණාවෙන් සහ පුද්ගල අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමයි. සිය ගම්මානයේ කුඩා කාමරයක ආරම්භ කළ එක් වෛද්‍ය සායනයකින් ඇරඹි මෙම ගමන්මඟ, එම කැපවීම අඛණ්ඩව පවත්වා ගනිමින් අද වන විට විශ්වාසනීය සෞඛ්‍ය සේවා ආයතනයක් දක්වා වර්ධනය වී ඇත.

අද වන විට Dr. Kutty’s Healthcare ආයතනය ඉන්දියාව පුරා පුළුල් රෝග විනිශ්චය මධ්‍යස්ථාන ජාලයක් පවත්වාගෙන යන අතර, මැදපෙරදිග කලාපයේ ද සෞඛ්‍ය සේවා කළමනාකරණය කරයි. සෞඛ්‍ය සේවාවෙන් ඔබ්බට විහිදෙමින් අධ්‍යාපනය, දේපළ වෙළෙඳාම්, අපනයන හා ආනයන, වැවිලි කර්මාන්තය, බෙදාහැරීම් සහ තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර වෙත ද සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කර ඇත.

සෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයක් තුළදීම අපගේ නිර්මාතෘවරයා විසින් ස්ථාපිත කරන ලද මූලික වටිනාකම් අපගේ මඟපෙන්වීම වේ. ඒවා නම් විශිෂ්ටත්වය වෙනුවෙන් වූ කැපවීම, මිනිසුන්ට ප්‍රමුඛත්වය ලබා දීම සහ සුවිශේෂී අත්දැකීම් ලබා දීම සඳහා වූ නොසැලෙන කැපවීමයි.

අපගේ දේශීය හවුල්කරු

Innovative Health Solutions (Pvt) Ltd

Innovative Health Solutions (Pvt) Ltd යනු Hayleys Group හි අනුබද්ධිත සමාගමක් වන Hayleys Aventura හි අනුබද්ධ ආයතනයකි. සියවසකට අධික උරුමයකට හිමිකම් කියන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික සමූහ ව්‍යාපාර අතරින් එකක් වන Hayleys Group හි කොටසක් ලෙස, ලෝක මට්ටමේ තාක්ෂණය මත පදනම් වූ සෞඛ්‍ය සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට මෙම සමාගම කැපවී සිටී.

ශ්‍රී ලංකාව තුළ NURA හි මෙහෙයුම් කටයුතු මෙහෙයවන ආයතනය ලෙස, FUJIFILM සහ DKH Healthcare අතර ඇතිකරගත් හවුල් ව්‍යාපාරයක් මත පදනම් වූ AI තාක්ෂණය මඟින් බලගැන්වූ නිවාරණ සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් එමඟින් සපයනු ලබයි.

ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.

ප්‍රශ්න තිබේද? ඔබට අවශ්‍ය පිළිතුරු අප සතුව ඇත.

  • NURA යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණයෙන් බලගැන්වූ පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි., එය FUJIFILM DKH විසින් Fujifilm සහ Dr. Kutty's Healthcare සමඟ එක්ව පවත්වාගෙන යනු ලබයි. 2020 වසරේ ආරම්භ කරන ලද NURA මඟින් ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ බෝ නොවන රෝග සහ පොදු පිළිකා කල්තියා හඳුනාගැනීම සඳහා සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ සේවා සපයයි. මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ වන අතර, වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය සහ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාවක් ද ලබාදේ.

  • NURA හි පිරිමි සහ කාන්තා සවිස්තරාත්මක පූර්ව රෝග හඳුනාගැනීමේ සෞඛ්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් ඇතුළත සම්පූර්ණ මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය. මෙයට AI තාක්ෂණයෙන් සහාය ලබන රූපගත කිරීම්, සවිස්තරාත්මක රසායනාගාර පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශනය ඇතුළත් වේ. ඔබ මධ්‍යස්ථානයෙන් පිටවීමට පෙර ඔබේ ඩිජිටල් සෞඛ්‍ය වාර්තාව ද ලබාගත හැකිය.  

  • NURA මඟින් ජීවන රටාවට සම්බන්ධ ප්‍රධාන බෝ නොවන රෝග (NCDs) සඳහා පරීක්ෂණ සිදුකරන අතර, මුඛ, පෙනහළු, පියයුරු, වකුගඩු, අක්මා, අග්න්‍යාශ, පුරස්ථි ග්‍රන්ථි, ඩිම්බකෝෂ, ගැබ්ගෙල සහ මහා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතුළු පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ ද සිදුකරයි. පරීක්ෂණ ද සිදුකරයි. තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව පිළිකා පරීක්ෂණ ඇතුළත් වීම වෙනස් වේ. කාන්තා සහ පිරිමි සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂණ පැකේජවලට අදාළ ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශේෂිත පිළිකා පරීක්ෂණ ඇතුළත් වේ.

  • ක්‍රියාශීලීව තම සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සැලකිලිමත් වෙමින්, රෝග වැළැක්වීමේ සහ කල්තියා හඳුනාගැනීමේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට කැමති ඕනෑම අයෙකු සඳහා NURA පරීක්ෂණ සැලසුම් කර ඇත. ඔබට දැනටමත් රෝග ලක්ෂණ පවතී නම් හෝ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ නම්, පළමුව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න. 

  • NURA මඟින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාදේ. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් වැඩිදියුණු කළ අතිශය අඩු විකිරණ මාත්‍රාවක් සහිත CT රූපගත කිරීම්, ප්‍රධාන ජීවන රටාවට සම්බන්ධ රෝග සඳහා වන පරීක්ෂණ, පොදු පිළිකා කල්තියා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ වෛද්‍යවරුන් සමඟ තත්කාලීන උපදේශන සේවා NURA ඒකාබද්ධ කරයි. මෙම සියලු පරීක්ෂණ සාමාන්‍යයෙන් මිනිත්තු 120ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ කළ හැකිය.NURA පරීක්ෂණ විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ රෝග ලක්ෂණ මතුවීමෙන් පසු රෝග විනිශ්චය කිරීමට නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාය. වැඩිදුර අවධානය අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, මඟින් රෝග සඳහා ප්‍රතිකාර හෝ ඖෂධ නියම කිරීම සිදු නොකෙරේ 

  • නැත. NURA යනු රෝහලක්, සායනයක් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නොව, රෝග කල්තියා හඳුනාගැනීම සඳහාම වෙන්වූ සෞඛ්‍ය පරීක්ෂණ මධ්‍යස්ථානයකි.තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කල්තියා අවබෝධයක් ලබාගැනීමට කැමති පුද්ගලයන් සඳහා NURA විශේෂිත පරීක්ෂණ සේවා සපයයි. අවශ්‍ය . තත්ත්වයක් හඳුනාගතහොත්, සුදුසු ඉදිරි පියවර පිළිබඳව NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු තත්ත්වයක් හඳුනාගතහොත්, වෙත යොමුවීම සඳහා NURA වෛද්‍යවරුන් ඔබට මඟපෙන්වනු ඇත. 

  • ඔබ තෝරාගන්නා සෞඛ්‍ය පරීක්ෂණ පැකේජය අනුව මිල ගණන් වෙනස් වේ.ඔබ කැමති පැකේජයට අදාළ වර්තමාන මිල ගණන් දැනගැනීම සඳහා කරුණාකර NURA ශ්‍රී ලංකා වෙබ් අඩවියට පිවිසෙන්න, නැතහොත් NURA කණ්ඩායම අමතන්න..  

Choose your preferred city

Chat with Nura's AI Assistant AI Chat
Call at +91-7310494949 Call
NURA AI Assistant ✕