පූර්ව රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයක් (Preventive Screening) යනු කුමක්ද?
පූර්ව රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයක් යනු කිසිදු රෝග ලක්ෂණයක් නොමැති, තමන් පූර්ණ නීරෝගීභාවයෙන් පසුවන්නේ යැයි විශ්වාස කරන ඕනෑම අයෙකුට තමාගේ කැමැත්තෙන්ම සිදුකර ගත හැකි පූර්ව සෞඛ්‍යය ඇගයීමකි. ලෙඩ රෝග ලක්ෂණ මතුවූ පසු සිදුකරන සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ මෙන් නොව, මෙමගින් සිදුවන්නේ කිසිදු බාහිර ලක්ෂණයක් නොපෙන්වා ශරීරය තුළ අභ්‍යන්තරව වර්ධනය වන බරපතල රෝගී තත්ත්වයන් මුල් අවධියේදීම හඳුනා ගැනීමට උපකාර කිරීමයි.
*මූලාශ්‍රය: ජපාන සායනික පිළිකා සංගමය
සෞඛ්‍යය පරීක්ෂාවක් සඳහා හොඳම කාලය රෝග ලක්ෂණ මතුවන තෙක් සිටීම නොවේ — ඔබ පූර්ණ නීරෝගීභාවයෙන් පසුවන වර්තමානයයි.
පිළිකාවක අදියරයන්
පිළිකාවක් ශරීරය පුරා කොපමණ ප්‍රමාණයකට පැතිර තිබේ ද යන්න මෙම අදියරයන් මගින් නිරූපණය කෙරේ. NURA හි ප්‍රධාන අරමුණ වන්නේ පිළිකාවක් ශරීරයේ අනෙකුත් කොටස් වෙත පැතිරීමට පෙර, ඉතා මුල් අවධියේදීම (පළමු අදියරේදීම - Stage 1) එය නිවැරදිව හඳුනා ගැනීමයි.
- පිළිකා සෛල
- නාළ රහිත ග්‍රන්ථි හෙවත් අන්තරාසර්ග ග්‍රන්ථි
- පළමු අදියර - ආරම්භක අවධිය
පිළිකා සෛල ආරම්භ වූ ස්ථානයට පමණක් සීමා වී පවතී.
පිළිකාව ශරීරයේ වෙනත් පටක හෝ අවයව වෙත පැතිරී නැත. මෙහිදී ප්‍රතිකාර කිරීම ඉතා පහසු වන අතර, පූර්ණ සුවය ලැබීමේ ප්‍රවණතාව අතිශය ඉහළය.
- දෙවන අදියර - වර්ධන අවධිය
පිළිකාව යම් තරමකට වර්ධනය වී ඇති අතර, ආසන්නයේ පිහිටි නාළ රහිත ග්‍රන්ථි වලට ද බලපෑම් ඇති විය හැකිය.
තවමත් එක් ප්‍රදේශයකට සීමා වී තිබුණ ද, සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. නිවැරදි ප්‍රතිකාර මගින් සුව කළ හැකි නමුත් වඩාත් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වේ.
- තෙවන අදියර - ආසන්න පටක වෙත පැතිරුණු අවධිය
පිළිකාව ආසන්නයේ පිහිටි පටක සහ නාළ රහිත ග්‍රන්ථි වෙත පැතිරී ඇත.
පිළිකා සෛල ප්‍රධාන අවයවයෙන් ඔබ්බට ගමන් කර ඇත. මෙහිදී ප්‍රතිකාර මගින් පූර්ණ සුවය ලැබීමේ අවස්ථා සීමිත වේ.
- සිව්වන අදියර - ශරීරය පුරා පැතිරුණු අවධිය
පිළිකාව ශරීරයේ අනෙකුත් ප්‍රධාන අවයව වෙත ද පැතිරී ඇත.
පිළිකා සෛල ශරීරයේ ස්ථාන කිහිපයකම ව්‍යාප්ත වී අවසන්ය. සුව වීමේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් පහත වැටෙන අතර, ප්‍රධාන වශයෙන් ලබාදෙනු ලබන්නේ වේදනා පාලනය සහ සහන සත්කාර ප්‍රතිකාර වේ.
රෝග පූර්ව හඳුනාගැනීමේ පරීක්ෂාව යනු රෝග විනිශ්චයක් නොවේ.
වර්තමාන සමාජයේ බොහොමයක් දෙනා 'රෝග පූර්ව හඳුනාගැනීමේ පරීක්ෂණ' (Screening) සහ 'රෝග විනිශ්චය' (Diagnosis) යනු එකක් ලෙස වරදවා වටහා ගනිති. නමුත්, යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගැනීමටත්, නිවැරදි වෛද්‍ය තීරණ වෙත එළඹීමටත් මෙම පරීක්ෂණ ද්විත්වය අතර පවතින පැහැදිලි වෙනස වටහා ගැනීම අතිශය වැදගත් වේ.
පරීක්ෂාව (Screening) සහ රෝග විනිශ්චය (Diagnosis) අතර වෙනස
- NURA පූර්ව සෞඛ්‍ය පරීක්ෂාව
- රෝග විනිශ්චය
- Screening පරීක්ෂාවකින් හඳුනා ගන්නා යම් තත්ත්වයක් මත පදනම්ව, වැඩිදුර Diagnostic පරීක්ෂණයක් සඳහා යොමු වීමට සිදුවිය හැකිය. NURA Screening හරහා ඔබේ වෛද්‍යවරයාට කල්තියා අවශ්‍ය පියවර ගැනීමට උපකාරී වේ.
අද ශ්‍රී ලංකාවේ පිළිකා පිළිබඳ යථාර්ථය
ශ්‍රී ලංකාවේ මරණවලට දෙවන ප්‍රධානතම හේතුව පිළිකා රෝගයයි. වැඩිම අවදානමක් ඇත්තේ කාටද යන්න සංඛ්‍යාලේඛන තුළින් විමසා බලමු.
*මූලාශ්‍රය: WHO, Global Cancer Observatory (2024)
ශ්‍රී ලාංකික කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා
- පියයුරු පිළිකා
- මහා බඩවැල ආශ්රිත පිළිකා
- ඩිම්බකෝෂ පිළිකා
- ගැබ්ගෙල පිළිකා
ශ්‍රී ලාංකික පිරිමින් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා
- මුඛ පිළිකා
- පෙනහළු පිළිකා
- පුරස්ථි ග්‍රන්ථි පිළිකා
- මහා බඩවැල ආශ්රිත පිළිකා
Why is early detection important?
Japan is a great example of why early detection works. Life expectancy in Japan is the longest in the world, thanks in part to their tradition of periodic screening. Cancers in Japan are usually detected at an early stage, giving those diagnosed with it the best chance at receiving effective treatment.
NURA is modelled after this Japanese system of periodic screening.
Why is early detection important?
Japan is a great example of why early detection works. Life expectancy in Japan is the longest in the world, thanks in part to their tradition of periodic screening. Cancers in Japan are usually detected at an early stage, giving those diagnosed with it the best chance at receiving effective treatment.
NURA is modelled after this Japanese system of periodic screening.
*Source: GLOBOCAN 2018
විනාඩි 120න් පැහැදිලි සෞඛ්‍යය වාර්තාවක්
සෑම පියවරක්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සමීප මඟපෙන්වීම යටතේ සිදුවේ. අනවශ්‍ය ප්‍රමාදයන් හෝ අපැහැදිලි බවකින් තොරව, නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් පමණි.
පැමිණීම සහ ලියාපදිංචිය
විනාඩි 0 - 10*
මූලික ශාරීරික සහ රසායනාගාර පරීක්ෂණ
ලේ, මුත්‍රා, දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂණ.
විනාඩි 10 - 50*
AI තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ
CT, අස්ථි ඝනත්ව (Bone Density) සහ රුධිර නාළ ස්කෑන් පරීක්ෂණ.
විනාඩි 50 - 80*
AI විශ්ලේෂණය
Fujifilm AI තාක්ෂණය මගින් සියලුම පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කිරීම.
විනාඩි 80 - 100*
වාර්තා ලබාදීම සහ වෛද්‍ය උපදෙස්
විනාඩි 100 - 120
විනාඩි 120න් පැහැදිලි සෞඛ්‍යය වාර්තාවක්
සෑම පියවරක්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සමීප මඟපෙන්වීම යටතේ සිදුවේ. අනවශ්‍ය ප්‍රමාදයන් හෝ අපැහැදිලි බවකින් තොරව, නිවැරදි හා කාර්යක්ෂම සේවාවක් පමණි.

Arrive & Register
පැමිණීම සටහන් කර ගැනීම සහ හෘදයාංගම පිළිගැනීම.

Vitals & Lab Tests
ලේ, මුත්‍රා, දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂණ.

AI Imaging Scans
CT, අස්ථි ඝනත්ව (Bone Density) සහ රුධිර නාළ ස්කෑන් පරීක්ෂණ.

AI විශ්ලේෂණය
Fujifilm AI තාක්ෂණය මගින් සියලුම පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කිරීම.

Report & Consultation
එදිනම සම්පූර්ණ වාර්තාව ලබාදීම සහ වෛද්‍යවරයා සමග සෘජු සාකච්ඡාව.
Arrive & Register
පැමිණීම සටහන් කර ගැනීම සහ හෘදයාංගම පිළිගැනීම.

Vitals & Lab Tests
ලේ, මුත්‍රා, දෘශ්‍ය සහ ශ්‍රවණ පරීක්ෂණ.

Ai Imaging Scans
CT, අස්ථි ඝනත්ව (Bone Density) සහ රුධිර නාළ ස්කෑන් පරීක්ෂණ.

AI විශ්ලේෂණය
Fujifilm Ai processes all results

Report & Consultation
එදිනම සම්පූර්ණ වාර්තාව ලබාදීම සහ වෛද්‍යවරයා සමග සෘජු සාකච්ඡාව.
ඔබ රෝගී අවදානමක සිටිනවාද?
පූර්ව සෞඛ්‍යය පරීක්ෂාවක් කිරීමට හොඳම කාලය ඔබ සම්පූර්ණයෙන්ම නිරෝගීව සිටින අවස්ථාවයි. නමුත් පහත සඳහන් කරුණු ඔබට අදාළ නම්, ප්‍රමාද නොවී පරීක්ෂා කර ගැනීම වඩාත් සුදුසුය.
- පවුලේ අයට පිළිකා වැලඳී ඇති ඉතිහාසයක් තිබීම
- අධික තරබාරුකම
- අධික මානසික ආතතිය සහිත රැකියාව
- මධ්‍යසාර භාවිතය
- අක්‍රමවත් නින්ද
- වයස අවුරුදු 40 හෝ ඊට වැඩි වීම
- ශාරීරික ව්‍යායාම මදිකම
- නිතර සංචාරය කිරීම / කාල කලාප වෙනස්වීම නිසා ඇතිවන නින්දේ රටා බිඳවැටීම
- දුම්කොළ / සිගරට් භාවිතය
- Digestive
NURA නිර්දේශය: වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂාව
රෝග ලක්ෂණ මතුවන තෙක් බලා නොසිටින්න. ඔබේ පවුලේ පිළිකා රෝග පිළිබඳ ඉතිහාසයක් තිබේ නම් හෝ සඳහන් කර ඇති අවදානම් සාධක කිසිවක් ඔබට අදාළ වේ නම්, සෞඛ්‍ය පරීක්ෂණ කලින් ආරම්භ කරන්න. වාර්ෂික සෞඛ්‍ය පරීක්ෂණ මඟින් කාලයත් සමඟ ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ සිදුවන වෙනස්කම් පිළිබඳ වඩාත් පැහැදිලි සහ නිවැරදි අවබෝධයක් ලබාගත හැකිය.
- උපරිම ප්‍රතිඵල සඳහා වසරකට වරක් පරික්ෂා කර ගන්න
- නිරාහාරව සිටීම හෝ පූර්ව සූදානමක් අවශ්‍ය නැත — ඕනෑම වේලාවක පැමිණිය හැකිය
- පැමිණෙන දිනයේදීම සම්පූර්ණ සෞඛ්‍යය වාර්තාව ලබාගෙන ආපසු යා හැකිය